2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:08
අධිකරණ බලය යනු ජනතාව සතු බලයක් බැවින් ජනතාව අධිකරණය සොයා ඒම වෙනුවට අධිකරණ පද්ධතිය ජනතාව වෙත සමීප කරවීම රජයේ මූලික අරමුණ බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීම ජනතාවගේ ප්‍රධානතම අභිලාෂයක් වන අතර මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එහි එක් ආරම්භක පියවරක් පමණක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“අපේ අධිකරණ පද්ධතිය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොවීම නිසා මෙරට සාමාන්‍ය ජනතාව දැවැන්ත පීඩාවකට පත්ව සිටිනවා. නඩු කටයුතු අනවශ්‍ය ලෙස කල්ගත වීම නිසා රජයට මෙන්ම මහජනතාවටද විශාල මුදලක් හා කාලයක් නාස්ති කිරීමට සිදුව තිබෙනවා. නඩුවාර 20ක් හෝ 25ක් අධිකරණයට යෑමට සිදුවන සාමාන්‍ය මිනිසෙකුට නීතිඥ ගාස්තු, ගමනාගමන වියදම් සහ ආහාර පාන සඳහා තමන් උපයන ධනයෙන් අතිවිශාල මුදලක් යට කිරීමට සිදුවන ඛේදනීය තත්ත්වයක් පවතින්නේ.
අධිකරණ පද්ධතිය තුළ පවතින මෙම ප්‍රමාදය සහ ගැටලුකාරී ස්වභාවය නිසා, යම් අපරාධයක් හෝ රිය අනතුරක් දුටුවද ඒ වෙනුවෙන් පොලිසියට ගොස් සාක්ෂි දීමට හෝ නීතිය ඉදිරියට ඒමට සාමාන්‍ය ජනතාව දැඩි මැළිකමක් දක්වනවා. උසාවි ගානේ රස්තියාදු වීමට සිදුවීමෙන් තමන්ට සිදුවන කරදරය හේතුවෙන් බොහෝ දෙනා නිහඬව සිටීමට පෙළඹීම නිසා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියම මගහැරී යනවා.
අධිකරණ බලය යනු පාර්ලිමේන්තුවට හෝ විනිසුරුවරුන්ට අයත් දෙයක් නොව, එය මුළුමනින්ම මහජනතාවගේ පරමාධිපත්‍ය බලයක්. අද වන විට යාපනයේ සිට හෝ අම්පාරේ සිට ජනතාවට කොළඹ අධිකරණ සොයා පැමිණීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය වෙනස් වී අධිකරණය ජනතාව ළඟට ගෙන යා යුතුයි. වගකිවයුතු ප්‍රගතිශීලී රජයක් ලෙස මෙම දුර්වලතා නිවැරදි කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය ඉදිරි ප්‍රතිසංස්කරණ සියල්ල කඩිනමින් සිදුකිරීමට අප පියවර ගන්නවා.”
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:16
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26