hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 ජනවාරි 10, පෙ.ව. 12:02



රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 10ක සාමාජිකයන් වැඩවර්ජනයක් සිදු කිරිමට නියමිතයි.

ඒ අද (10) පෙරවරු 8 සිට පැය 48ක ය.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 35,000ක දීමනා වැඩි කිරීමට ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තමන්ට ද එම මුදල ලබාදිය යුතු බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එසේ නොකරන්නේ නම් සියලු සෞඛ්‍ය වෘත්තියවේදීන් ඒකාබද්ධ කරගත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව වැඩිදුරටත් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: