hit counter

2024 ඔක්‍තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:06



ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කිරීම සම්බන්ධයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනා තුනක් ඉදිරිපත් වී ඇත.

සමගි ජනබල පක්ෂය සමග එක්ව තරග කිරීම, ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීම සහ අලියා ලකුණ යටතේ තරග කිරීම ලෙස එම යෝජනා තුන ඉදිරිපත්ව තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ සජබ සමග එක්වීම සම්බන්ධව රුවන් විජයවර්ධන මහතා පවත්වන සාකච්ඡා තවදුරටත් සිදුකරන ලෙසය.

එම යෝජනාවට නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, ආෂු මාරසිංහ යන අයද එකඟතාවය පළ කර තිබේ.

වජිර අබේවර්ධන සහ සාගල රත්නායක යන මහත්වරු පවසා ඇත්තේ සජබය දෙවරක් මැතිවරණ පරාජයට ලක්ව ඇති නිසා මෙවරත් පරාජයට පත්විය හැකි බවය. ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ ද මහ මැතිවරණයේදී ඒ සම්බන්ධව තාක්ෂණික ගැටලු පවතින බව මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහන් කර තිබේ. මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 2.30 ට ආරම්භ වී පස්වරු 5.30 පමණ දක්වා පැවැත්විණි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: