hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2025 ජූලි 08, ප.ව. 7:55



පාර්ලිමේන්තුවේ ඉංගිරිසි බැරි තමන්ට පමණක් යැයි සිතා සිටිය ද බොහෝ දෙනෙකුට නොහැකි බව අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

“ඉංග්‍රීසි බෑ කියලා මම තමයි මේ පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට කිව්වේ. වෙන කවුරුවත් කිව්වේ නෑ. මං හිතුවේ මම විතරයි කපුටාස් කියලා. බලාගෙන යද්දි ඔක්කෝම කපුටාස්ලා.

අපි පිළිගන්න ඕන අපට බැරි දේ. මාතරින් බදුල්ලෙන් මයියංගණෙන් අපි ආවම අපි රෝයල් නෙමෙයිනෙ.

අපිට බැරි දේ අපි පිළිගන්න ඕන. ලෝක ආර්ථික සමුළුව වගේ තැනකට ගිහින් පච වෙනවාට වඩා පුළුවන් කවුරු හරි එක්ක ගෙන ගිහින් වැඩේ කළා නම් රටටත් නම්බුවක්.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (08) පාර්ලිමේන්තුව අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: