2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 8:28
හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරු බවත් කුඩා දරුවන්ගේ කතාබහ තමන් සතුටට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ,
“මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්වයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ.
හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක.
කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි.
ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි.”
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:15
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:33
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 11:23
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 5:51
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25