2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:03
            
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමනක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.
නිතර ආදරය පතුරවපු,සිය දැනුමින් නිර්මාණත් රසවින්දනයත් ලබා දුන් ඒ සුන්දරයානන් ගැන ඔහුගේ ආදරණීය දියණිය මාධවී ඔහුගේ වියෝවීම ගැන අදහස් දක්වා තිබුනා.
ඒ වගේම සමාජයේ පැතිරී තිබූ කටකතා,ද්වේශ සහගත කතා ගැනද සඳහන් කර තිබුනේ මෙහෙමයි.
● අප්පච්චි රෝහල්ගතව ප්‍රතිකාර ලබන තුරුම අද හෝ හෙට සුවපත් වෙයි කියලා බලන් හිඳීමත්, හදිසියේම ඔහුගේ නික්මයෑමත් ඔබ දරා ගන්නේ කොහොමද?
දරාගත්තා නෙවෙයි, මං මාව ආත්මීයව නිර්වින්දනය කරගත්තා. මොකද අප්පච්චි මුහුණ දුන් මුල් අවාසනාවන්ත සිදුවීමත්, රෝහලේදී ගත් ඇතැම් ජීවක තීරණ ගණනාවක් ප්‍රශ්නකාරී ලෙස අවසානයේදී මගේ අප්පච්චිගෙ හුස්ම හිර කිරීමත්, සමාජ මාධ්‍ය සහ ඊර්ෂ්‍යායාකාරී, අවස්ථාවාදී, කෲර, මජර දේශපාලනික මුරුගයින් මගේ පියාගේ වේදනාව වාසියට ගෙන අමූලික බොරු ප්‍රචාර කරමින් ඔහු ගැනත්, අපි ගැනත් අශෝභන චිත්‍රයක් මවා පෙන්වීම වැනි දේවල් එක්ක ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වාගේ’ වෙච්ච අපි කොහොම දරාගන්නද? දරාගන්න බෑ. උරාගන්නවා දුක.
● ඇන්තනී පවුල වෙනුවෙන් අවසන් වරට ඔබට කියන්න දෙයක් ඇති?
විශේෂයෙන් මතක් කරන්න ඕනෑ අප්පච්චි කලකිරෙනකොට විහිළුවක් කරලා එයාගේ හිත හදපු, සතුටින් ඉද්දි එයත් එක්ක විහිළු කරලා ‘පුතා’ විරුධාවලිය දිනාගත් රෝහලේ හෙද කාර්යමණ්ඩලය සහ සාත්තු සේවක මහත්ම මහත්මීන් මගේ අප්පච්චිව බබෙක් වගේ බලාගත්තාට බොහෝ පිං. අප්පච්චිගෙ වියෝවෙන් පස්සෙ ඒ කටයුතු කරට අරන් වැඩ කරපු හැමෝටම ස්තූතියි. අප්පච්චිට ගෞරව දක්වන්න ආපු හැමෝටම ස්තූතියි. අප්පච්චි 2022 ජූලි 18 මොළයට හානි වූ සිද්ධියට පෙර 02 වැනිදා පළමු අනතුරින් පසු හොඳින් කතා කරමින් ඉද්දි නිතරම ඇහුවා ‘කෝ මගෙ ෆෝන් එක?, මට පෙන්නන්නකෝ පුතා. හැමෝම මට බනිනවද?’ කියලා. මොකද ඒ කාලේ අපේ ඇතැම් සහෝදර කලා ශිල්පීන් පවා ‘අලියාට ඉක්මන් සුව’ වගේ උපහාසාත්මක රිදවුම් ගුවන්ගත කරලා තිබුණා. ඒත් අප්පච්චි ඇස් පියාගත්තට පස්සෙ එයාලත්, අප්පච්චිගෙ රිදුම් බඩගෝස්තරේට ගත්තු social media දුශ්ටයෝ පවා අප්පච්චිගෙ ගුණ කිව්වා. ලිව්වා. අප්පච්චි ආදරේට කෑදර කෙනෙක්. එයා විශ්වාස කළා එයා මේ රටට ආදරේ නිසා මේ රටේ කවුරුත් එයාට වරදක් නොකරයි කියලා. අප්පච්චි කිව්වෙ ‘මල් රැගෙන එන්න මා ජීවත්ව සිටියදී’ කියලයි. අපි අන්ත අසරණව හිටිය කාලයක් ගෙවිලා ගියා. ඒ එක්කම අපට තිබුණු එකම එළිය නිවිලා ගියා. අප්පච්චිට, අපට වෙච්ච හැමදේම ගැන මගේ අවංක අත්දැකීම් ළඟදීම මම හැමෝටම කියනවා. මොකද දැන් අපට අහිමි වෙන්න ඊට වඩා වටින යමක් ඉතිරි වෙලා නෑ.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25