hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ඔහුගේ ආදරණීය දියණිය මාධවී සිය පියාගේ වියෝවෙන් තැවෙන බව නොරහසක්.

මෑතකදී සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම විනිශ්චයට ලක්වුණු සහ තවමත් ලක්වන පවුලක් ඇන්තනී පවුල.

ඔවුන් කරන කියන පොඩි දේත් ඇති, මහා විශාල කතාවකට මුල පුරන්න.

”මට විතරක් නෙවෙයි. අප්පච්චිට ගෑවුණු කෙනෙක්ටවත් කිසිවක් බෙදාගන්න අමාරුයි.මෑතකදී අපේ ලොකු අප්පච්චිගේ (සේනක ටයිටස්) පුංචි මිනිපිරි, හේළි ආරධ්‍යා දුව ඇඳපු චිත්‍රයක් මම මගේ ෆේස්බුක් ගිණුමේ පළ කළා ඒ චිත්‍රයට අදාළ ලොකු අයියාගේත් මගේත් වට්ස්ඇප් සංවාදයත් එක්කම. හේළි අප්පච්චි වගේම චිත්‍ර අඳින්න සූරයි.

ඒ චිත්‍රය බොහොම දියුණු රේඛා රටාවලින් හෙබි එකක් නිසා ඒක දුටු සැණින් මමත් පුදුම වුණා. සාමාන්‍යයෙන් හේළි අඳින චිත්‍ර බොහොම වර්ණවත් වුණත් මේ චිත්‍රය පාට කරලා තිබ්බෙ නෑ. ඒ ගැන ඇහුවම එයා කිව්වලු මළගෙදර අවර්ණ නිසා එයා එහෙම ඇන්දා කියලා.ඒ පෝස්ටුවට බොහෝ අය ඉතාම උපහාසාත්මක කෙමෙන්ට් එකතු කළා.

ඇන්තනී නම තිබුණු නිසාම ඉරිසියාකාර පිරිස් දරුවාව අමු අමුවේ වයස නොතකාම වාචික හිංසනයට ලක්කළා. අපචාරයට ලක්කළා.ඒ අයගෙන් දරුවව බේරගන්න ඕනෑ නිසා මම ඒ පෝස්ටුව ඉවත් කළා. දැන් ඒ අයට සැනසීමක් ඇති.අන්තර්ජාලය තුළත් හරිම නින්දිත විධියට ළමා අපයෝජනය කෙරෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: