hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 7:43



මාතර – තිහගොඩ – නායිම්බල ප්‍රදේශයේ පොලිසිය සිදුකළ වැටලීමක් අතරතුර එල්ල වූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ 15 හැවිරිදි ළමයාට මේ වනවිට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් සිදුකර තිබෙනවා.

ඔහුගේ හිසට වෙඩි වැදී තිබූ අතර, පෙරේදා දිනයේදී හිසේ ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව යළිත් වතාවක් ඊයේ දිනයේදී පළමු සැත්කමෙන් අනතුරුව, මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් නිරීක්ෂණය වීම නිසා තවත් සැත්කමක් සිදුකර තිබෙනවා.

මේ වනවිට ළමයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ළමයින් 6 දෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකු මෙම වෙඩි තැබීම සිදුකළ බවයි සිද්ධිය ඇසින් දුටූවන් සඳහන් කළේ.

එහිදී තුවාල ලැබුවේ මාතර – නායිම්බල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හරේෂ් හංසක දේශාන් සිසුවායි.

මාතරදී 15 හැවිරිදි දරුවෙකුට වෙඩි තබයි – පොලීසියට චෝදනාවක්

මාතර පොලීසිය ගම්වාසීන් වට කරයි – මිය ගිය දරුවාගේ මව පොලීසිය දෙවනත් කරයි

මාතර දරුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය : උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

මාතර දරුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය : අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

දරුවාට වෙඩි තිබ්බේ පොලීසිය පන්නාගෙන ඇවිත් – ඇසින් දුටු සාක්ෂිකරුවන් කළ පාපොච්චාරණය

මාතර දරුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය : අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: