hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 5:43



කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් ආයෝජන ලෙස මුදල් ගෙන කළ වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කාන්තාව සිය ආයෝජකයන්ට සුරූපී නිළියන් සහ නිරූපිකාවන් සමඟ කිට්ටු සම්බන්ධතා ඇති කර දෙමින් ඒවා වීඩියෝගත කර ඒවා ප්‍රසිද්ධ කරන බවට ආයෝජකයන් බියගන්වමින් මේ චංචාව කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි වැඩිදුර විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

මේ කටයුත්තට ඇය විසින් යොදාගෙන ඇත්තේ ඇයට ඉතා විශ්වාසවන්ත සහ සමීප නළු නිළියන් සහ නිරූපිකාවන් කිහිප දෙනකුවයි.

ඒ අය අතරින් 06 දෙනකු පැහැදිලිවම හඳුනා ගැනීමට මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙක් ජනප්‍රිය නිළියන් දෙදෙනෙක්.

මේ අතර ප්‍රියමාලි නැමැත්තියට තමන් ලක්ෂ 80ක් ලබා දුන් බව හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදරිපත් කරන බව ඒ මහතා සදහන් කළා.

සබැඳි පුවත් :

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: