2024 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:04
ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී කියන්නේ, සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් නොවුනත් ජනප්‍රියත්වය නොනැසී පවත්වාගෙන යාමට සමත්කම් දක්වන සොඳුරු තාරකාවක්.
නිර්මාණ කිහිපයකින් ම එකවර දකින්න ලැබෙන නිළියන්ට සාපේක්ෂව වොල්ගා යන්නේ හිමින් ගමනක් බව පැහැදිලියි. නමුදු ඈ ඊට ලබන ප්‍රතිචාර සහ ඇගයුම් අතිමහත්. ඒ ගැන පහුගිය දවසක වොල්ගා මේ විදියට සිය අදහස් දක්වලා තිබුණා.
”මූලිකම දේ මම කාර්යබහුල වෙන්න කැමති නැහැ. අපි තන්හාවට, ආසාවට, පෙරේතකමට හැමදෙයක්ම භාරගත්තොත් එක වැඩක්වත් හරියට කරන්න වෙන්නෙ නැහැනෙ. එක වැඩක් කළාම ඒක හරියට කරල එතැනින් ඉවර කරන්න පුළුවන්. මගේ විදිහ ඒකයි. අද අපි දකිනව මොන දෙයක් හරි කරල ජනප්‍රිය වෙන්න හදන අයව. එහෙම නැතිව හිමින් ගමනක් යන එක හොඳයි කියලයි මම ඉස්සර ඉඳන් හිතුවෙ.”
”මම වැඩ ගොඩක් කළේ නැති වුණාට ප්‍රේක්‍ෂකයො මා හැමදාම ඒ තැන තිබ්බා. මම ජනයාට ප්‍රියයි කියල දන්නව, නමුත් ක්‍ෂේත්‍රයට ආපු දවසෙ ඉඳන්ම ජනප්‍රියත්වය පසුපස ගියේ නැහැ. ජීවිතයෙදිත් එහෙමයි, අපිට ලැබෙන්න තියෙන දේවල් ලැබෙනව, නොලැබෙන දේවල් මගහැරෙනව. ඒ නිසා මධ්‍යස්ථ ගමනක් යන එක හොඳයි.” නිර්මාණවලින් විතරක් ම නෙවෙයි, ඇය අනෙක් තාරකාවන්ට සාපේක්ෂව සමාජ මාධ්‍ය තුළ ද එතරම් සක්‍රීය නොවුණු චරිතයක්…
”ඇත්තටම මම සෝෂල් මීඩියා ගැන දන්නෙ නැහැ. ඒ නිසා නොදන්න දේවල් කරන්න යන්නෙ නැහැ. පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න මට වුවමනාත් නැහැ.”
2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
2026 ජනවාරි 30, පෙ.ව. 12:16
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26