hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 21, පෙ.ව. 3:17



පසුගිය කාල සීමාවේදී සමාජ මාධ්‍ය හරහා එක්තරා තරුණයෙක් සහ තරුණියකගෙ ඡායාරූප කිහිපයක් සංසරණය වෙන්න පටන් ගත්තා.

මේ තරුණයා ඇයගේ පෙම්වතිය එහෙමත් නැත්නම් ඇයගේ බිරිඳත් එක්ක ගත්තු සෙල්ෆි ඡායාරූපයක් සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරලා පුලුවන්නම්  අපිට මේක wedding photo එකක් විදිහට edit කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබ්බා.

මේ තරුණයාගේ ආදරණීය බිරිඳට විවාහ මංගල උත්සවයක් ජයටම ගන්න ලොකු බලාපොරොත්තුවක් තිබ්බත් ආර්ථික අපහසුතා නිසා දෙන්නටම ඒක අද වෙද්දි කරගන්න බැරිවෙලා.

ඒ නිසා ඒ දේවල් ගැන හිතන්නේ නැතුව එහෙයින් එහෙමම තියලා ඔවුන් දෙදෙනා එක වහලක් යටට යනවා.මේ තරුණයා සහ තරුණිය ජීවත්වෙන්න පොල් අතු පැලක.

ඉතින් ඔවුන්ගේ මේ සංවේදී ඉල්ලීම දැකපු කොයි කාටත් පිහිට වන පියුමි හන්සමාලි තීරණය කරලා තිබ්බා මේ දෙදෙනාටම ලස්සන විවාහ මංගල්‍ය උත්සවයක් කරලා දෙන්න.

ඉතින් කිව්වා වගේම පසුගිය දවසක ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් වැඩ පිළිවෙළක් සකස් කරලා චන්දිමාල් ජයසිංහ එක කතා කරලා හරි ලස්සනට දෙන්නම මනමාලයෙක් සහ මනමාලියක් විදිහට හැඩ ගන්වලා ඡායාරූප පවා අරගෙන තිබුණා.

ඒ විතරක් නෙමෙයි මේ දෙන්නටම නවතින්න කොළඹ ලොකු හෝටල් එක දවස් දෙකකුත් ඇය වෙන් කලා.

ඉතින් මේ වගේ කවුරුත් නොකරන උදව්වක් කරපු ආදරණීය පියුමි පියුමි හංසමාලි ඇතුළු කණ්ඩායමට මේ තරුණයා හදවතින්ම ස්තුති කරන්නත් අමතක කළේ නැහැ.

ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට ඇය වෙනුවෙන් එකතු කරපු සටහන තමයි මේ තියෙන්නෙ.

“අද අපේ හීනය හැබෑ උනා .

ඇත්තටම මුලින්ම ස්තූති කරන්න ඕන Piumi Hansamali අක්කටත් අක්කගෙ මහත්තයාටත් , chandhimal jayasinghe අයි‍යටත්  , Vishwa Perera  අයියටත්, seya sankalpa අයියේ ඔයාටත් sanju අක්කේ ඔයාටත් ඔයාගේ පව්ලේ අයටත් ගොඩම ගොඩාක් ස්තූතියි . තව මට වචනෙකින් හරි උදව් කරපු සියලුම දෙනාටත් , #light_room_editing_වැඩ්ඩෝ සමූහයටත් ඒකේ addmin ඇතුලු සියලුම සාමාජිකයන්ටත් අනේක වාරයක් පින් , මම හීනෙකින්වත් හිතුවෙ නැහැ මේ වගේ මගෙ wife ගෙ ආශාව මට ඉටු කරන්න පුලුවන් වේවි කියල ,ඒ වගේම මේ වගේ ෆ්‍රී ශූට් එකක් කරන්න පුලුවන් වෙයි කියලවත් මම හිතුව නැහැ, 

ඇත්තටම Piumi Hansamali අක්කේ ඔයාටත් අක්කගෙ මහත්තයාටත් ගොඩක් පින් , අපි කොලබ ආපු වෙලාවෙ ඉදන් අපිට නවතින්න ලොකු හොටෙල් එකකින් කෑම බීමත් එක්ක කාමරයකුත් දාල දීල ,කොච්චර බිසී උනත් ටිකෙන් ටිකට කෝල් කරල මල්ලි ඔයාල කෑවද, මල්ලි දැන් මොකද කරන්නෙ , මල්ලි අපි ඊලගට මෙහෙම කරමු කිය කිය නිරන්තරයෙන්ම අපිට ලොකු අවදානයක් දුන්නට. Chandhimal jayasinghe අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි , අයියත් නිරන්තරයෙන්ම අපි ගැන හොයල බැලුවා , හරි ලස්සනට ආදරයෙන් මල්ලි නන්ගි කියල කතා කලේ ඇත්තටම ඒ වගේ ඔයාලගෙන් ආදරයක් ලබන්න අපි පින් කරල තියෙනව 

 ඒ වගේම  seya sankalpa අයියේ ඔයාටත් බොහොම පින් ඇත්තටම අපිත් එක්ක හරිම සුහද සීලීව , හරිම ආදරෙන් කට පුරවල මල්ලි මල්ලී කියල කතා කලේ  ඔයා කියපු එක මගෙ හිතේ ගොඩක් රැදුන අයියේ “මල්ලි උබ ඊලග ශූට් එක අපෙන් සල්ලි දීල කරන්න පුලුවන් තත්වෙට වරෙන්, උබට පුලුවන් ”  ඒ වචනෙම ඇති අයියේ ඔයාගෙ නිහතමානි කම කියන්න, අයියත් එක්ක හිටපු අනිත් අයියටත් ගොඩක් ස්තූතියි (එයාගෙ නමනම් දන්නෙ නැහැ) සන්ජු අක්කේ ඔයාටත් ඔයාගෙ පව්ලේ අයටත් ගොඩක් පින්

අපි කොලබ ආපු මුල්ම දවසෙ අක්කලගෙ ගෙදර තමයි නැවතුනේ, අක්ක ගෙදර නොහිටියත් අක්කගෙ අම්මයි තාත්තයි අපේම දෙමව්පියෝ වගේ අපිට සැලකුවේ, මට ඒ ආදරේ නිසාම මන් අම්මේ තාත්තේ කියල කතා කලෙත්, ඒ වගේම අක්කගෙ මල්ලි , කොයි වෙලෙත් කෝල අරන් මල්ලි දැන් කොහෙද ඉන්නෙ, හැමදේම හොදින් නේද කියල අපිත් එක්ක නිරන්තරයෙන්ම ලගින් හිටියා

ඇත්තටම ඔයාල ඔක්කටම වචනෙන් ස්තූති කරල නිම කරන්න බැහැ ඔයාල මිහිපිට දෙවිවරු ජීවිතේට අමතක නොවෙන චරිත ටිකක්. තවත් සුලු පිරිසක් මට බැනල තිබ්බ මගෙ යාලුවෙක් වීම ගැනත් ලැජ්ජයි කියල කමක් නෑ යාලුවා හැමෝම පෝසත් වෙලා ඉපදෙන්නෙ නෑ, දවසක මන් ඔයාලට මන් ඔයාලගෙ යාලුවෙක් උන එකට සතුටු වෙන තැනකට අඩියෙන් අඩිය තියල කොහොමහරි එනවා ,ඔයාලටත් ගොඩක් ස්තූතියි මගෙ හිතට මේ ධෛර්යය දුන්නට.

තව එකී මෙකී නොකී ගොඩක් කට්ටිය ඉන්නවා ස්තූති කරන්න , මොකුත් හිතන්න එපා  ඔයාලගෙ නම් කිව්වෙ නෑ කියලා, ඔයාල ඔක්කටම ගොඩාක් ස්තූතියි.මේ post එකත් ලිව්වෙ මොලේට ,හිතට වචනයක්වත් එන්නැති සතුටු දායක අවස්තාවක ඔයාල ඔක්කම අපිට සමාව දෙන්න වැරදිලා හරි වැරදි දෙයක් කිය වුනානම්. අපිව වාසනාවන්ත යුවලක් කලේ ඔයාලයි ,ඔයාලට හරියන්න ඕනෙ උතුරන්නම.  ආදරෙයි ඔක්කටම. මටත් ආසයි ඔයාල වගේ තවත් කෙනෙකුට උදව් කරන්න ,(මම කරනව ,මට පුලුවන්  ඒ ධෛර්යය දුන්නෙ ඔයාලයි . ඔයාල ඔක්කටම අනේක වාරයක් පින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: