hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 15, පෙ.ව. 12:02



“සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000කට ලබාදීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති රජීව් සූරියාඅරච්චි පැවසුවේ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දෙන බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය ප්‍රතිලාභීන්ට දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: