hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මැයි 18, පෙ.ව. 12:07



ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබා දෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී රැස් වී තිබෙනවා.

එහිදී පොලී අනුපාතය පවතින ආර්ථික තත්ත්වය අනුව කොතරම් ඉහළ දැමිය හැකියදැයි සොයා බලා ඊට අනුව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා පවසා ඇත්තේ.

එමෙන්ම වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්ට හිමි ගිණුම් මිලියන 1.1ක් පමණ පවතින අතර ඒවා විධිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහි දී හඳුනාගෙන තිබෙනවා.

මේ අතර විශේෂයෙන්ම එකම පුද්ගලයා බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය පිළිබඳ සොයා බැලීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වී ඇත.

අදාළ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සමෘද්ධි, ග්‍රාම නිලධාරීන් සහ රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීම පිළිබඳ යෝජනා කිහිපයක් ද මෙහි දී සාකච්ඡාවට ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුව, කළඹනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධරීන් එක්ව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: