hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 13, ප.ව. 1:28



බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත.

ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් වාර්තා වී තිබුණි.

මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසිනි.

මෙම තත්ත්වය තුළ මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයයට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: