hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 11:57



මහර වැඩ බලන මහේස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය පසුගිය සෙනසුරාදා (09) දෙදරු මවක් හා පියෙකු මේ මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඒ ඔවුන් දරුවන් කෲර ලෙස අතහැර ගොස් වෙනම ජීවිතයක් ගත කිරීමේ චෝදනාවෙන් පසු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හුණුපිටිය වෙඩිකන්ද පාර ප්‍රදේශයේ පදිංචි මවක් හා හුණුපිටිය දලුපිටිය පාර ප්‍රදේශයේ පදිංචි පියෙකුයි.

නාහේන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියාගේ බිරිඳ විසින් කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලක් මත මොවුන් දෙදෙනා පොලීසියට ගෙන්වා සමතයකට පත් කළ නමුත් ඔවුන්‍ගේ අයතා සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන ගොස් ඇති බවත් දරුවන් අවුරුදු 12ට අඩු වයසේ සිටින නමුත් ඔවුන්ව භාර ගැනීමට මෙම සබඳතාවයේ සිටින දෙදරු පියා හෝ මව අකමැති බවත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියා.

පැමිණිල්ල සිදු කළ තැනැත්තියට මෙම සැකකාර දෙදරු පියා සහ මව එක්වී පහර දී තුවාල ද සිදු කර තිබෙන බව ද වාර්තා වුණා.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුසන්ත කුමාරගේ මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂිකා නිලන්ති විජේවර්ධන විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: