hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 7:30



ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

මෙම නව පනත් කෙටුම්පත අලුත් කරුණු රාශියක් ඉදිරිපත් කර ඒ යටතේ චෝදනා ලැබූ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

”අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රජයක් වශයෙන් ඉදිරිපත් කරපු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නැවැත්තුවා. නවත්තලා. ඒ සම්බන්ධයෙන් අදහස් අර ගත්තා. අදහස් අරගෙන ඒ අදහසුත් කැටි කරගෙන අලුත් සංශෝධනයක් ඉදිරිපත් කරලා දැනට කැබිනට් මණ්ඩලය අවසර ලබා දීලා තියෙනවා ත්‍රස්ත විරෝධී පනත යනුවෙන් පනතක් හඳුන්වා දීම සඳහා. මම හිතනවා ඉතාමත් ම ඉක්මනින් ලබන සතියේ හෝ මේ සතියේ අවසානය හෝ ලබන සතිය වෙනකොට මේක ගැසට් කරන්න. තිබෙන පනතට සාපේක්ෂව ඉතාමත් ම ප්‍රගතිශීලි අලුත් කරුණු රාශියක් අපි ඉදිරිපත් කරලා ඒ යටතේ චෝදනාවට ලක් වුණ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මේ රටේ ව්‍යවස්ථානුකූල ව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: