hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 1:02



රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් පාලනය වන රජයේ බංගලා හා නිල නිවාස 110කින් හිඟ නිවාස කුලී වශයෙන් රුපියල් හත්කෝටි විසිඑක්ලක්ෂ අටදහස් තුන්සිය තිස්නමයක (රු.72,108,339)  මුදලක්  ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 වන විට අයවීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙකී හිඟ නිවාස කුලී මුදලින් මැති ඇමතිවරු 74දෙනෙකුගෙන් රුපියල් හතලිස්පන්ලක්ෂ අනූදහස් හත්සිය අනූ එකක (රු.4,590,791) මුදලක් අය වීමට තිබූ බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

ඉන් රුපියල් දාහතරලක්ෂ හයදහස් පන්සිය අසුහයක (රු.1,406,586) මුදලක් 2015 වර්ෂයේ සිට අයවීමට ඇති බවද විගණනය මඟින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම සමුළු නිවාස ලබාදුන් 77දෙනෙකුගෙන් සමුළු නිවාස 48කින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට රුපියල් හතලිස්එක්ලක්ෂ තිස්එක්දහස් දෙසියපනස්නමයක (රු.4,131,259) හිඟ කුලී මුදලක් අයවීමට තිබූ බව සඳහන් වෙනවා.

එමෙන්ම රජයේ ගොඩනැගිලි හිඟ කුලී ආදායම වශයෙන් රුපියල් තිස්හතරකෝටි දාහත්ලක්ෂ හතලිස්අටදහස් හැත්තෑහතක (රු.341,748,077) මුදලක් අයවීමට තිබු අතර හිඟ කුලී මුදලින් 22%ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පාලනය වන  රජයේ බංගලා, සංචාරක බංගලා හා නිල නිවාසවලින් අයවීමට තිබූ බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: