hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 4:16



රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් පළාත් පාලන ආයතන තමන් විසින්ම උපයා ගන්නා මුදල් පිළිබඳව නිරීක්ෂණය කිරීමට සූදානම් වෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පුවත්පතකට පවසා ඇත්තේ පළාත් පාළන ආයතන විගණනයට ලක් වූවත් තමන් විසින්ම උපයා ගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණනයට ලක්වී නැති බවයි.

එලෙස පළාත් පාලන ආයතනවල මෙතෙක් විගණනයට ලක් නොවන අංශ විගණනයට ලක් කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරනවා.

2019 – 2020 වර්ෂයන් සඳහා සතුටුදායක කාර්‍යසාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා සහතිකපත් ප්‍රදානයට සහභාගී වෙමින් සභාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: