2023 අගෝස්‍තු 31, පෙ.ව. 2:01
මේ මස අග හෝ සැප්තැම්බර් මුල් දින කිහිපය තුළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීමට හැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.
මේ වන විට උසස් පෙළ ඇගැයීම් අවසන් අදියරේ පවතින බව ද හෙතෙම හෙළි කළා.
වසර 2022 වසරට නියමිතව තිබූ මෙම විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්විණි. ඒ සඳහා පාසල් අයැදුම්කරුවන් 278,196 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 පෙනී සිටින ලදී.
ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලට විටින් විට බාධා එල්ල වීම හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය විභාගය ද කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුවට සිදු වුණා.
උසස් පෙළ සිසුන් විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු ද අඩාළ වූ බව සිසුන් චෝදනා නගා තිබුණා.
කෙසේ වෙතත් බාධක රැසක් මැද මාස හයක් වැනි කෙටි කාලයක් තුළ සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
2025 මාර්තු 19, පෙ.ව. 12:35
2025 මාර්තු 19, පෙ.ව. 12:23
2025 මාර්තු 19, පෙ.ව. 12:19
2025 මාර්තු 19, පෙ.ව. 12:12
2025 මාර්තු 19, පෙ.ව. 12:09
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
17-03-25
17-03-25
16-03-25
16-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25
14-03-25
14-03-25
13-03-25
13-03-25