hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 23, පෙ.ව. 12:08



ලංකා ධිවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ උපදෙස්වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවිකිරිම  හේතුවෙන් සංස්ථාවට 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට රුපියල් මිලියන 262ක මුදලක් අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසනවා.

මින් මිලියන 29ක මුදලක් වසර පහකට වඩා වැඩි කාලයක සිට අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

එමෙන්ම ධිවර සංස්ථාවේ සේවකයින්ට හා රෝහල් සදහා  ණය පදනම මත මාළු විකිණිමෙන්  රුපියල් මිලියන 17ක මුදලක් අයවිමට තිබුණි.

චක්‍රලේඛයට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවි කළ නිලධාරින්ට එරෙහිව මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ධිවර සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ (2022) ඔක්තෝබර් මස 31 වැනි දිනට භාණ්ඩාගාර ඇපකරමත ගෙවියයුතු  බැංකුණය මුදල  රුපියල් මිලියන 159කි.

එදිනට ඒ සදහා ගෙවිය යුතු පොලි මුදල  රුපියල් මිලියන 35කි.

2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට බැංකු  අයිරාව රුපියල් මිලියන 25ක් වුවද සංස්ථාවට අයහපත් මුල්‍ය තත්ත්වය කළමණාකරණය කර ගැනිමට නොහැකිවි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: