hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 17, ප.ව. 2:02



නිදාගැනීමට යොදන පැය හතක් හැර දවසේ අනෙකුත් සියලු කාලය තමන් අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් වැයකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සදහන් කරයි.

එනිසා ඉදිරියේදී වැඩිපුර කාලයක් වැඩකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සූදානම් විය යුතු බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (16) සදහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එවැනි කැපකිරීමක් කළ යුතු බවත් එසේ නොවුණහොත් අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නොහැකිවනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරනවා.

එම තීරණය රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගනු ලබන වැදගත් තීරණයක් බැවින් අමාත්‍යංශයේ නිලධාරීන් කල්පනා කර වැඩිපුර කාලයක් රැකියාවේ යෙදීමට උත්සහ කළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: