hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 4:05



පවතින තත්ත්වය තුළ වැටුප් වැඩිකිරීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ වනවිට එවැනි මුදලක් සොයාගැනීමට ඇති ක්‍රම වන්නේ රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, බදු තවදුරටත් වැඩිකිරීම, අලුතෙන් බදු පැනවීම බවද ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීයි.

තත්ත්වය එසේ තිබියදී මෙවර අයවැය තුළින් යම්කිසි ආකාරයකින් වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: