hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 2:21



ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ,  අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

“ඉදිරි අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳාපවතීවි. රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් කටයුතු කරාවි. රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. IMF පළමු සමාලෝචනය ඊයේ ආරම්භ කළා. එය සති දෙකක් වැනි දිගු කාලයක් පැවැත්වෙනවා. ජනාධිපතිවරයා මූල්‍ය කොමිසම සමග එළඹෙන 26 වනදා එහි අවසන් හමුව පැවැත්වීමට සැලසුම් කරලා තිබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: