hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 11, ප.ව. 7:18



පවතින මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර අද (11) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.

හිටපු අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් පැළඳ සිටි ඇඳුම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින්ට සහ පොලීසියට නිරීක්ෂණය වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ එමෙන්ම පස්දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම ප්‍රචාරක කටයුතු සඳහා එක්ව ඇති අතර, එය ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.

ඒ අනුව එම ප්‍රචාරක කටයුතු නතර කිරීමටයි අදාළ පිරිසට උපදෙස් ලබා දී තිබෙනවා.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් සහ පොලීසය සමඟ උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා.

එහිදී කෝපවු හරින් මහතා,

”ටීශර්ට් එක තියාගන්න.අලුත් ආණ්ඩුවත් එක්ක ආතල් එකක් ගන්න.මැතිවරණ නීතිය මාලිමාවට එකයි අපිට එකයි වෙන්න බැහැ.මාලිමාවේ ඔක්කොම ඇදන් යනවා ටීශර්ට් ….අපි කැන්වසින් නවත්තනවා.ඡන්දෙ දින්නොතින් ඇවිත් ඔයාව හම්බවෙන්නම්.ඔයාගේ ආශිර්වාදෙ දෙන්නකෝ….”.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරින් මහතා සඳහන් කළේ,

‘මැතිවරණ නීතිය වෙන පක්ෂයට එකක් මාලිමාවේ අයට ටීශර්ට් ගහගෙන ඇවිදින්න පුලුවන්.මාලිමාවේ ආණ්ඩුව මාසේ නිසා ඔහොම ආතල් එකක් ගන්න දෙන්න.පොලිසියේ නිළධාරින් අපි ගාවත් ඉදල තියනවනේ .පොලිසිය අපේ ආණ්ඩුව යටතේත් හිටියා.මැතිවරණ නීතිය හරියට කරන්න දීලා යනවා…”. යැයි පැවසුවා

මේ අතර ඊයේ (10) දිනයේ බණ්ඩාරවෙල නගරයේ දී ද හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතර තුරද පොලිස් නිලධාරීන් සමඟ වචන හුවමාරුවක පැටලෙන ආකාරය දැකගත හැකි වුණා

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: