hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:44



මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍ය වන තනතුරු අතුරින් වෛද්‍ය නිලධාරින් 1331 දෙනෙකු, දන්ත ශල්‍ය වෛද්‍යනිලධාරින් 77 දෙනෙකු, හෙදි නිලධාරින් 1759 දෙනෙකුගේ  සහ උපස්ථායකයින් 2268 දෙනෙකු හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වෙනවා.

මේ අතර විගණනය සදහා ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දිනට ලබාදුන් තොරතුරුවලට අනුව රෝහල් 23ක විශේෂඥ වෛද්‍යවරුන් 146ක් අතිරික්තව සිටියදි රෝහල් 38ක විශේෂඥ වෛද්‍යවරුන් 156කගේ හිගයක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා. 

විශේෂඥ වෛද්‍යවරුන්  රිජ්වේ ආර්යා ළමා රෝහලේ 20ක්ද, මහනුවර ජාතික රෝහලේ 15ක්ද, කොළඹ ජාතික රෝහලේ 14ක්ද, කුරුණැගල ශික්ෂණ රෝහලේ 16ක්ද, අතිරික්තව සේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය සදහා අනුමත තනතුරු නොතිබියදි 18 දෙනෙකු අතිරික්තව සේවයේ යොදවා තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහා අනුමත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංඛ්‍යාවට වඩා  වෛද්‍ය නිලධාරින් 61 දෙනෙකු  අතිරික්තවසේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ විධායක මට්ටමේ තනතුරු 39කට අදාලව  පුරප්පාඩු 1586ක්  පවති.

එමෙන්ම හෙද සොයුරු සොහොයුරියන් 275 දෙනෙකු, වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥවරු 136 දෙනෙකු, වෘත්තිය චිකිත්සකවරු 68 දෙනෙකු, ඖෂධවේදින් 126 දෙනෙකු, විකිරණ ශිල්පින් 270 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 37 දෙනෙකු , පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 451 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවද මෙම විගණන වාර්තාවේ සදහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: