hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 1:18



මෙරට වියළි කලාපයේ ජන ජීවිතයට විශාල හානිකර බලපෑමක් එල්ල කරමින් පැතිර යන වැලිමැස්සා නමැති පරපෝෂිත කෘමියාගෙන් බෝවන මාරාන්තික චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ දිනවල හසලක හා මහියංගනය යන ප්‍රදේශවල බහුලව දැකිය හැකි මෙම කෘමියා දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් ද හඳුනාගත හැක.

රාත්‍රියේදී හා සවස් කාලයේදී ශරීරයේ නිරාවරණය වූ ස්ථානවලට දෂ්ට කරන මෙම කෘමියා ජලය රැඳෙන සිසිල් ස්ථානවල බිත්තර දැමීම සිදුකරයි.

නිවාස පරිශ්‍ර හා ගෙවතු මෙන්ම ආයතන පරිශ්‍ර හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම මගින් මෙම වැලි මැස්සා බෝවීම පාලනය කර ගත හැකි බව තෙල්දෙනිය මූලික රෝහලේ වැඩබලන චර්ම රෝග විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එෆ්. ෂීරින් මහත්මිය පවසනවා.

මෙම රෝගය පිළිබඳව හා ඊට අදාළ ප්‍රතිකාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා හසලක ප්‍රාදේශීය රෝහලේ පැවති විශේෂ සායනයකදී වෛද්‍යවරිය මෙම කරුණු අනාවරණය කළා.

යම් වේදනාවක්, තුවාලයක් හෝ ගැටිත්තක් වැනි දෙයක් වැලි මැස්සා දෂ්ට කළ ස්ථානයක් ලෙස සැක කළ හැක. මෙම රෝග ලක්‍ෂණ පවතී නම් නොපමාව රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ගත යුතු බවත් මෙම රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම පවතින බවත් විශේෂඥ වෛද්‍ය ෂීරින් මහත්මිය මෙහිදී කියා සිටියා.

සෙල්සියස් අංශක 50 ඉක්මවා රත් කළ හැන්දකින් ආසාදිත ස්ථාන තැවීම, එන්නත් ලබාදීම හා ලික්විඩ් නයිට්‍රජන් ප්‍රතිකාරය මේ සඳහා සිදුකරන බව ද වෛද්‍යවරිය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: