hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:52



කොළඹ කාසල් වීදිය මාතෘ රෝහලේ දී සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා කියා සිටියේ අද (17) උදෑසන මවකට මෙලෙස සය නිවුන් දරු උපතක් සිදුව ඇති බවයි.

රාගම ප්‍රදේශයේ පදිංචි මවක් විසින් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකර ඇත.

බිලිඳුන් සයදෙනාම මේ මොහොතේ යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවත් ඔවුන් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය බී.සී. සමන් කුමාර මහතා සඳහන් කළා.

එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබයි.

වෛද්‍ය සමන් කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේ සති 26 දී නොමේරූ ළදරුවන් ලෙස උපත ලැබූ මෙම දරුවන් උපතේදී බර ග්‍රෑම් 400-700 අතර වූ බවයි.

එවැනි නොමේරූ ළදරුවන් ජීවත් කරවීම දැවැන්ත අභියෝගයක් බවද වෛද්‍යවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: