hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 1:34



මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් වාර්තා වෙයි.

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුළු දිවයින පුරා පිහිටි මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක තුළ මානසික රෝග සඳහා භාවිත කරනු ලබන Wafarin, Amiodarone, Amisulpride, lithium SR, Orciprenaline ඇතුළු ඖෂධ වර්ග පහකට වැඩි ප්‍රමාණයක හිඟයක් පවතියි.

මේ හේතුවෙන් රෝගීන් හට ඖෂධ ලබා දීමේදී රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්ව ඇත.

මෙම තත්ත්වය මත රෝගීන්ගේ ඥාතින්ට ඖෂධ පිටතින් ගෙන එන ලෙස දැනුම් දුන්නද එම ඖෂධ නොලැබෙන බව රෝහල් කාර්ය මණ්ඩල සඳහන් කරයි.

ඇතැම් ඖෂධ වර්ග දානපතියන් පරිත්‍යාග කරනු ලබන බවත් ඒවා කළමනාකරණය කරමින් රෝහල්වල ප්‍රතිකාර කටයුතු සිදුකරන බවත් රෝහල් බලධාරීහු ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: