hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:33



මී උණ රෝග තත්ත්වය පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීමක් ඊයේ (18) සිදු කර තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳ අදහස් පළ කර ඇත.

රෝගය වැළඳීම වළක්වා ගැනීම, වැළඳුණු පසු ප්‍රතිජීවක ඖෂධ භාවිතය ආදී කරුණු කිහිපයක් ම මෙහි දී අවධාරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය තුශානි දාබරේරා,

”ලෙප්ටොස්ප්යිරෝසිස් රෝගය වසරකට රෝගීන් 8000ක් වාර්තා වෙනවා. මරණ 125ක් වර්තා වෙනවා. මේ වසරේ මේ දක්වා රෝගීන් 7000ක් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් කෘෂිකර්මාන්තය වැඩි වැඩියෙන් සිදු කරන දිස්ත්‍රික්වල මේ රෝගය වාර්තා වෙනවා. විශේෂයෙන්ම මී උණ රෝගය හැදෙනවා වයස 20ත් 60ත් අතර අයට. ඩෙංගු වැනි වසංගත රෝග තියන කාලවල දී වැඩියෙන් මී උණ තියෙන බව මතක තබාගත යුතුයි. රෝගීන් ගෙන් සියයට 05ක් පමණ මිය යනවා. මෙය මාරාන්තික නොවන ආකාරයට බේරෙන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම වැදගත්. ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත යුතුයි. කුඹුරු ගොවිතැන් කරන, නෙළන මේ දෙගොල්ලටම මේ දෙන ඖෂධය ලබා ගත යුතුයි සෞඛ්‍යය නිර්දේශ අනුව.  මාරාන්තික නොවන ආකාරයට බේරෙන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම වැදගත්”

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය කෝලිත ජයසුන්දර,

”වෛරස් රෝගවල තිබෙන රෝග ලක්ෂණ මී උණටත් තිබෙනවා. මෙය ගම්වල පමණක් නොව නාගරිකවත් පැතිරෙනවා. රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ, රෝගය උත්සන්න වූ පසුවයි. එහි දී පෙනහලුවලට වකුගඩුවලට පැතිරීම ශීඝ්‍ර ව සිදු විය හැකියි. බෝහොමයෙන් සාමාන්‍ය රෝගවලට මතු වන රෝග ලක්ෂණ මෙම රෝගයටත් පොදුයි. මෙම රෝගය ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම බලපාන්න පුළුවන්. නියමිත ප්‍රතිකාර නොලැබුවොත් වකුගඩු පෙනහලුවලට බලපාලා මස් මස්පිඩු වේදනාව වැනි රෝග වැළඳිය හැකියි. මෙම රෝග ලක්ෂණ ඇත්නම් මුල් අවස්ථාවේදීම ප්‍රතිජීවක භාවිත කළ යුතුයි. සෑම රෝහලකම ප්‍රතිකාර හා අවශ්‍ය පහසුකම් තියෙනවා. රෝගය වළක්වා ගැනීමේ ඖෂධ ලබාගෙන ගොවිතැන් හෝ පතල්වලට යන්න පුළුවන් තුවාල ඇත්නම් ඒවා ආවරණය කරගෙන යන්න පුළුවන්. කුමන ලෙඩකට වුව ද වේදනා නාශක භාවිතා නොකළ යුතුයි. සංකූලතා වැඩි වෙන්නේ නිවසක ප්‍රමාද වී උත්සන්න වී රෝහලට බෙහෙත් ගන්න පරක්කු වෙලා එන නිසා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: