2023 නොවැම්‍බර් 02, පෙ.ව. 11:30
රජය විසින් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට සූදානම් බවට දැනුවත් වීමෙන් අනතුරුව වෘත්තීය සමිති සහ අනෙකුත් දේශපාලන පක්ෂ සිය දේශපාලන වාසි තකා වැටුප් වැඩි කරන ලෙසට විරෝධතා කළ බවත්, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වන තීරණය රජය විසින් ගත්තේ මාස කිහිපයකට පෙර බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයින්ගේ ශ්‍රමයේ ආරක්ෂාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ “ගරු සරු” වැඩසටහනට එක්වෙමින්.
මෙම ”ගරු සරු” වැඩසටහන මගින් පෞද්ගලික බස් රථ රියදුරු, බස්රථ සහායක, වෙනත් ප‍්‍රවාහන අංශ රියදුරු, ඉදිකිරීම් කාර්මික, ඉදිකිරීම් සහායක, ගෘහ සේවක, රූපලාවන්‍ය ශිල්පී, ස්වයං රැකියාවල නිරතවන්නන් ආදි සෑම රැකියාවකම ගෞරවය, ආරක්ෂාව හා පිළිගැනීම ගොඩනැගීම අපේක්ෂා කරනු ලබනවා.
මේ සඳහා ආරම්භ කොට ඇති සාකච්ඡා මාලාව සඳහා පුරවැසි ප‍්‍රජාවගේ, අවිධිමත් හා විධිමත් අංශවල රැකියාවන්හි නියුතු වූවන්ගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව හිමිවනු ඇති.
ඒ අනුව මෙම වැඩසහටනේ ආරම්භය සනිටුහන් කරමින් අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයින්ගේ මහජන අදහස් විමසීමේ සැසිවාරයක්ද අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසර මුල් භාගය වනවිට නව කම්කරු පනත ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇති බවයි.
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:14
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:06
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:00
2025 අප්‍රේල් 17, ප.ව. 9:12
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25