hit counter

2026 ජූනි මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 1:05



රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ,රජයේ ගිණුම් තුළ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් වුවත් වත්කම් පිළිබඳ තොරතුරු ඇතුළත් වී නොමැති බව හෙළිවිය.

2022 වසර අවසානය වනවිට මෙරට ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 27ක් බවයි, එහිදී අනාවරණ වූයේ.

විගණකාධිපති ඩබ්ලිව්. පී .සී වික්‍රමරත්න මහතා,

“දැනට මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන මූල්‍ය නොවන වත්කම් විදියට 2022.12.31 දිනට පෙන්නලා තියෙන්නේ ට්‍රිලියන 02යි. හැබැයි මුලු ව්‍යාපෘතිවලට ගත්තු ණය විතරක් (ණය ගෙවලා) 2022.12.31ට පෙන්නලා තියෙනවා ට්‍රිලියන 08ක්. මුළු සමස්ත ණය ට්‍රිලියන 27ක්.”

“තව ට්‍රිලියන 22ක් අපි හඳුනගෙන තිබෙනවා.. ඒක වත්කම් විදියට නෙමෙයි ප්‍රාග්ධන හිඟයක් ලෙස. මේක තමයි මේ ගිණුමේ තිබෙන අවුල් සහගත තත්ත්වය.”

“අපි ගාව බැරකම් ටික තියෙනවා. වත්කම් ටික නැහැ. ඒක තමයි ප්‍රශ්නය තියෙන්නේ. රටේ වත්කම් පිළිබඳ සමස්ත එකතුවක් අපි ගාව නැහැ.”

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,

“මේ ගැටලුව දිගින් දිගටම තිබුණ දෙයක්. කවුරු හරි කිව්වොත් අපි බිලියන 08ක් ණය අරගෙන තිබෙනවා.. බිලියන 02යි වත්කම් තියෙන්නේ කියලා.. එතනම අඩුපාඩුවක් පේනවානේ. ඒක අපි නිවැරදි කළ යුතුයි. හැකි තරම් වත්කම් හඳුනගෙන මේ තියෙන පරතරය පියවන්න අපි කටයුතු කරනවා. වත්කම් සහ වගකීම් තියෙන නියම ආකාරයේ ගිණුමක් ඉදිරියේදී රටට ලබාදෙන්නම්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: