hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:06



සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් දක්වා වතු කම්කරුවන්ගේ වැඩිකළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමන් සතු බවයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ය.

එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට හැකි වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සණස ව්‍යාපාරය මගින් ආරම්භ කරන වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හදුන්වා දීම වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයට එක්වෙමින් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: