2024 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:14
අසෝක රංවල මහකා එල්ල වූ චෝදනා මත කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
නමුත් තවදුරටත් චෝදනා එල්ලවන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත්වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතු බවයි හිටපු අමාත්‍යවරයා පවසයි.
තම X සමාජ ජාල ගිණුමේ ඒ මහතා මෙම සටහන තබා ඇත.
“කථානායක අසෝක සපුමල් රංවල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය වුවත්, තවදුරත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සුපිරිසුදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව, එම පක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායකය”
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25