hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:06



තමාට එරෙහිව බොරු සාක්ෂි නිර්මාණය කර හිරේ දැමීමට ආණ්ඩුව උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“බොරු සාක්ෂි හදලා, අපිව හිරගෙවල් වල දාන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නෑ. මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නෑ.

ඒ හින්දා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න. අනවශ්‍ය ඇගිලි ගැසීම නවත්වන්න. දේශපාලනීකරණ නවත්වන්න. මේ ආයතනවල ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙලසන්න එපා.

ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ආණ්ඩුවට වගකීමක් තියනවා. අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න. සාධාරණව කරන්න. බොරු සාක්ෂි හදන්නේ නැතිව. බලපෑම් කරන්නේ නැතිව.”

පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: