hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:04



ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවයි.

ලබන 15 වැනි දා වනවිට එහි පළමු තොගය වන විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇති බව සඳහන්.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එතෙක් දෛනිකව විදෙස් ගමන් පලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බව දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරනවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: