hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:08



ලියාපදිංචි තැපෑලෙන් අදාළ උසාවිය වෙත යොමු කරනු ලබන ආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා  ලියාපදිංචි තැපෑලේදී නැති වීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කළ යුතු බවට යුක්තිගරුක හා නිතිගරුක සමාජයක් පිළිබද ආංශික අධික්ෂණ කාරක සභාව විසින් පාර්ලිමෙන්තුවට  ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන් වෙනවා.

ආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලෙන් ආදළ උසාවි වෙත යොමු කරනු ලබනවා.

එසේ යොමු කරනු ලබන බොහෝ වාර්තා නැවත ඉදිරිපත් කරන ලෙස උසාවි මගින් ඉල්ලා සිටින අතර  එම වාර්තා නොලැබුණු බවට උසාවි මගින් හේතු වශයෙන් සදහන් කරන බවද මෙම වාර්තාවේ සදහන් වෙනවා.

එම නිසා  මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කිරිම සුදුසු  බවට කමිටුව විසින්   නිරික්ෂණය කොට තිබුණා.

රස පරික්ෂක වාර්තා නැවත ලබා දීම සඳහා යම් කාලයක් ගතවන බැවින්  අදාළ නඩු කටයුතු ප්‍රමාදවන අතර  ඉන් අගතියට පත් පාර්ශවයන්ට බලවත් අසාධාරණයක් වන බවද ආංශික කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවේ සදහන් වෙනවා.

ආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා ප්‍රමාදවිම සදහා රසායනික ද්‍රව්‍ය,අනිකුත් ද්‍රව්‍ය, මෙන්ම යන්ත්‍රසුත්‍ර හා අමතර කොටස්වල හිඟතාවයක් පවතින බවට මෙකී වාර්තාවේ සදහන් වෙනවා.

එමෙන්ම රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ තනතුරු 113ක් පුරප්පාඩුව පවතින අතර  එම තනතරු 25ක් විද්‍යාත්මක සේවයේ බවත් රස පරික්ෂකගේ වාර්තා ප්‍රමාද වීම සඳහා මෙම තත්ත්වය හේතුවී තිබෙනවා.

එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් විසින් නීතියට පටහැනිව සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාප හේතුවෙන්  බන්ධනාගාර, අධිකරණ, ආණ්ඩුවේ රස පරික්ෂක යන ආයතනවල නිලධාරින් මෙන්ම  සමාන්‍ය මහජනතාවද බලවත්  අසාධාරණයට ලක්වන බවද මෙම කමිටුව මගින් ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සදහන් වෙනවා.

ආණ්ඩුවේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව විසින්  නිකුත් කරනු ලබන වාර්තා ප්‍රමාද වීම සම්බන්දයෙන් මෙම වාර්තාව නිකුත්කොට තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: