2025 පෙබරවාරි 09, ප.ව. 7:02
දිවයින පුරා අද ඇති වූ හදිසි විදුලි බිඳ වැටීම, පානදුර ග්‍රීඩ් උප පොළට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූවක් බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළද, පානදුර මාලමුල්ලේ පිහිටි ග්‍රිඩ් උප පොලට අද දිනයේ කිසිදු වඳුරෙකු පැනීමක් සිදු නොවූ බව එහි ආරක්ෂක නිලධාරියා පවසනවා.
එහි ගොස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ කිසියම් ආකාරයකින් වඳුරෙකු පැන්නේ නම් මියගිය වඳුරාගේ මෘත ශරීරයක්වත් එම උප පොළෙහි තිබිය යුතු බවයි.
එහෙත් එවැන්නක්වත් මෙතෙක් හමුවී නැහැ.
කෙසේ වෙතත් වෙනත් දිනවල උපපොලේ වෙනත් ප්‍රදේශයන් වලින් වඳුරන් ගමන් කරන බව ඔහු ප්‍රකාශ කළා.
එහෙත් ඔවුන් මෙම ප්‍රධාන පද්ධතිය පිහිටි ප්‍රදේශයට නොපැමිණෙන බවයි පානදුර මාලමුල්ල ග්‍රීඩ් උප පොලෙහි ආරක්ෂක නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේවෙතත් දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳ වැටීමට මූලික හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියට වඳුරෙකු පැනීම බවට මේ වන විට අනාවරණය වී ඇතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අද ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සමඟ ඇතිවූ හදිසි ආපදා තත්ත්වයක් මත කොළඹ ප්‍රධාන පද්ධතියේ හටගත් අසමතුලිතතාවයක් හේතුවෙන් මෙම දීපව්‍යාප්ත විදුලි බිඳ වැටීම සිදුව ඇති බවයි.
2026 ජනවාරි 19, පෙ.ව. 12:30
2026 ජනවාරි 19, පෙ.ව. 12:20
2026 ජනවාරි 19, පෙ.ව. 12:15
2026 ජනවාරි 19, පෙ.ව. 12:13
2026 ජනවාරි 19, පෙ.ව. 12:11
18-01-26
18-01-26
12-01-26
12-01-26
09-01-26
09-01-26
07-01-26
07-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
31-12-25
31-12-25
28-12-25
28-12-25
26-12-25
26-12-25
22-12-25
22-12-25