hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 1:10



උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ඊයේ (18) ප්‍රකාශ කර සිටියේ තමා වෙබ් අඩවි සහ යූටියුබ් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙන බවයි.

ඔවුන් පිළිබඳව රට තුළ සාකච්ඡාවක් සිදු විය යුතු බවත්, එම මාධ්‍යවේදීන් ඒක පුද්ගල අයිතීන් තිබෙන පුද්ගලයන් බවත් ඇමතිවරයා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූම් යෙදවුම ඔස්සේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෙබ් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවකදීය.

යූටියුබ් නාලිකාවල වගකිවයුතු ආයතනයක් නොමැති බවත්, මෙලෙස වගවීමක් නොමැති වීම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල බාධාවක් වී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: