hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 8:49



බ්‍රිතාන්‍යය එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.

ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද (21) උදෑසන 08.23 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙය ජනාධිපතිවරයාගේ පළමු විදේශ සංචාරයයි.

ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළත්, ඒ අවට ප්‍රදේශය තුළත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපසත් සහ ගුවන් ධාවන පථය අවටත් ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබුණා.

කටුනායක – ටී.කේ.ජී.කපිල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: