hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 12, පෙ.ව. 8:31



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව රටේ අනාගතය වන දරු පරපුරේ සුබසිද්ධිය සහ දුප්පත් දෙමව්පියන්ට සහනයක් ලෙස ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ඒ අනුව කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇත.

රට තුළ වර්ෂයකට කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම සිදුකළ යුතු දරුවන් 200 කට අධික සංඛ්‍යාවක් උපත ලබන බව වෛද්‍ය පරීක්ෂණවලින් පෙන්වාදී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

එම ශල්‍යකර්මය සඳහා රුපියල් මිලියන 4කට ආසන්න වටිනාකමින් යුත් උපකරණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය නොමිලේ ලබා දුන්න ද සැත්කම සඳහා වන වියදම රුපියල් ලක්ෂ හයක මුදල රෝගීන් විසින් ගෙවිය යුතු වේ.

ඒ අනුව සැත්කම සඳහා වන රුපියල් ලක්ෂ හයක මුදල ජනාධිපති අරමුදලින් ලබාදීම සිදු කිරීමට නියමිත අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් සිදු කරන සැත්කම සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරයි.

රාගම ශික්ෂණ රෝහලේ සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම අනුව රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව මේ වසරේ ජනවාරි මස (01) දින සිට ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීමට නියමිතව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: