hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 10:29



මාතර කලාපයේ පාසල් 22 ක පමණ හිග විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විදුලි සැපයුම ඊයේ (19) දින සිට තාවකාලිකව විදුලිය විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

මේ අනුව ”මාතර කලාපයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර තිබෙනවා.

ඊයේ (19 ) දින හිඟ විදුලිපත් ගෙවීමට කලාප කාර්යාලයට මුදල් නොමැති වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

”මාතර කලාපයේ පාසල් විසි දෙක (22) විදුලිය විසන්ධි කර තිබෙනවා අද (19) හිඟ විදුලිපත් ගෙවීමට කලාප කාර්යාලයට මුදල් නොමැති වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව හෙතෙම පවසයි. ඒ සදහා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් මෙය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් එමඟින් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ දෙමව්පියන් ලවා විදුලි බිල්පත් ගෙවන්න විදුලිය ලබා ගැනීම සඳහා මෙ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. කණගාටුවට කරුණ තමයි මේ විදුලිය කපන අමාත්‍ය කාංචන විජේසේකර ඉන්නෙත් මාතර එයාගේ බල ප්‍රදේශය තමයි විදුලිය සන්ධි කරලා තියෙන්නේ මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, උයන්වත්ත ආදර්ශ විද්‍යාලය ,මහමායා බාලිකා විද්‍යාලය, ඇතුළු විද්‍යාලවල මේ වන විට වර්ෂ අවසානයේ නොයෙකුත් උත්සව සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු නොයෙකුත් වැඩසටහන් පැවැත්වෙනවා එම කටයුතු මේ වන විට අඩාල වෙලා .දැනට රටේ ජනතාවගේ ලක්ෂ හතකගේ විදුලිය විසන්ධි කරලා .පාසල් වලට අත තියලා තියෙන්නේ කුමන්ත්‍රණකාරීව රජයේ වගකීමක් බිල්පත් ගෙවීම රජය බිල්පත් ගෙව්වෙ නැත්නම් රජයෙන් ඉල්ල ගන්නවා මිසක පාසලේ විදුලිය විසන්ධි කරලා හරියනවද .මේ සම්බන්ධයෙන් පිළියමක් නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්න සැරසෙනවා” යනුවෙන් ඔහු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: