hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 19, පෙ.ව. 11:39



රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අදාළව ගුරු වැටුප් ගෙවීම සඳහා වන මුදල් මහා භාණ්ඩාගාරය මගින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මේ අනුව 2024 අයවැය මගින් යෝජිත රු.10,000ක වැටුප් වැඩිකිරීමේ මුල් අදියර වන රු.5000 මුදල වැඩි කිරීමට අදාළව මේ මුදල් නිදහස් කළ බවයි.

දැනට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 95ක පමණ මුදලක් වැය වන බවත් මේ රු.5000ක වැටුප් වැඩිවීම නිසා එම වියදම තවත් රු.බිලියන 7කින් ඉහළ යන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: