hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 11, ප.ව. 8:51



විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය ගුරුවරුන් පළාත් පාසල්වලට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අද (11) පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

2023 වසරට වෙන්කළ මුදල් පළාත් සභාවල පවතින හෙයින් ඒ පිරිස බඳවා ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව පළාත් සභාවලට දැනුම්දෙන බවද සඳහන් කළා.

මෙලෙස බඳවාගැනීම් කළහොත් ගුරු ඌනතාවය යම් ප්‍රමාණයකට මගහරවා ගත හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: