hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 1:02



පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇත්තේ ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැළපුම් දීමනාව වැටුප් වර්ධකයක් ලෙස ගෙවීමට පාර්ලිමේන්තු පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙන්නේ ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධවයි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැළපුම් දීමනාව වැටුප් වර්ධකයක් ලෙස ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දෙන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: