hit counter

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා

2025 පෙබරවාරි 09, පෙ.ව. 12:17



මෙරටට ඇණවුම් කළ පළමු වාහන තොගය එළඹෙන පෙබරවාරි 25 වැනි දිනෙන් පසු දිවයිනට ළඟා වන බව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, පළමු අදියරේදී වාහන 1000ක් පමණ ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම දෙවන වාහන තොගය මාර්තු දෙවෙනි සතිය වන විට මෙරටට ලැබීමට නියමිත බවත් පාරිභෝගිකයින්ට අවශ්‍ය ඕනෑම වර්ගයක වාහනයක් එම අදියරයේදී  ලබා ගැනීමට හැකි බවත් ඔහු පවසා සිටියා.

“ සමාන්‍යයෙන් ලක්ෂ 60 පමණ ඉඳලා වාහන ඉහළට යන්න තියෙනවා, Alto රථයක්, Wagon RFX ලක්ෂ 60- 65 වගේ මුදලකට ගන්න පුළුවන්, Yaris වගේ වාහනයක් ලක්ෂ 85 ඉඳලා ඉහළට තියෙනවා. ලංකාවට වාහනේ එනකන් ඉන්න හිටියම ඔබටම තෝරාගන්න පුළුවන්. ශෝරූම්ස් කිහිපයකට ගිහින් හරි මිල බලලා වාහනය ගන්න පුළුවන්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: