2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 1:06
විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී ඇති අවස්ථාව අවභාවිතා කරමින් එක් ආයතනයක් විසින් මෝටර් රථ 75ක් ගෙන්වා ඇති බව හෙළි වී තිබෙනවා.
විදේශ රැකියා අමාත්‍යාංශය විසින්, විදේශගත ශ්‍රමිකයන්ට මෙම පහසුකම ලබා දුන්නේ විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණින්.
එලෙස රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය මත බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර ඇති බවත් ඉන් වාහන 75 ක්ම එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම, මෙම වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත්, වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000 ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 5 ක මුදලක් අය කරනු ලබන බවට ත් අනාවරණය වී ඇති බව සඳහන්.
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:15
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:06
29-04-25
29-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
27-04-25
27-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25