hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 1:02



නිති විරෝධී ලෙස මෙරටට ආනයනය කරණ ලද හෝ මෙරට එකලස් කරනු ලැබු වාහන වංචනිකව මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කිරිම හේතුවෙන් ශ්‍රි ලංකා රේගුව විසින් අයකරගත යුතුව තිබු රුපියල් දොළොස්කෝටි විසිදෙලක්ෂ අසුදෙදහස් නමසියයක (රු.122,282,900) බදු ආදායමක් වංචනිකව අවභාවිතාකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
මෙලෙස ප්‍රතිඅපනයනය කිරීමේදී ලියාපදිංචිය අවලංගු කරණු ලැබු විදේශිය රාජ්‍ය තාන්ත්‍රික වාහන 06ක් සදහා සාවද්‍ය ලෙස වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක හා එන්ජින් අංක ඇතුළත් කර වෙනත් පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි සහතික නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කටයුතු කර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

රේගුවේ දත්ත පද්ධතියට අනුව වංචනිකව ලියාපදිංචි කර ඇති මෙකී සුඛෝපභෝගි වාහන සදහා රේගු සටහන්කරයක් නිකුත් වි නොතිබුණි.

මේ නිසා මෙම සුඛෝපභෝගි වාහන නිති විරෝධි ලෙස ආනයනය කොට ඇති අතර රේගු පනත ප්‍රකාරව ගෙවිය යුතු ආනයන තිරුබදු කිසිවක් ගෙවා නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: