hit counter

2024 ඔක්‍තෝබර් මස 04 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 12:18



ලසන්ත වික්‍රමතුංග මහතා යනු වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් ලබා දුන් අයෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කරන්නේ නැතිද යන්න ඒ මහතා වැඩිදුරටත් අසා සිටිනවා.

ඔහු මේ පිළිබඳව විමසා සිටින්නේ අද (06) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය අතරවාරයේදී ය.

“මගේ කට වහන්න එන්න එපා. මගේ කට වහන්නත් බෑ. ලසන්ත වික්‍රමතුංග මරපු අය මේ සභාවේ ඉන්නවාද?” යන්න ප්‍රේමදාස මහතා නැවත නැවතත් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කර සිටියා.

ඒ මහතා තවදුරටත් පවසන්නේ විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම්වලට ඔහු බිය නැති බවත්, මියයාමට පවා තමන් ලෑස්ති බවත් ය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: