hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:28



උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය  හමුවට කැඳවීමට රජය  කටයුතු කළ යුතු යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවා.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයක වගකීමක් බවද ඔහු සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට කෙරුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්.

සජිත් ප්‍රේමදාස මහතා,

ඒ ප්‍රහාරයට  සම්බන්ධ වෙච්ච සියලු දෙනා නීතිය හමුවට කැඳවන්න කටයුතු කරන්න ඕන. මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගේ වගකීමක්.උද්දික  මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වැඩි කරන්න.  ප්‍රහාරය ගැන  ඉක්මනින් විභාගයක් කර ඒ සම්බන්ධයෙන් සැකකරුවන්ට දඬුවම් කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා,

මේ සිද්ධිය භයානක එකක්. වෙඩි තැබූ පුද්ගලයා සොයා ගන්නවට වඩා වෙඩිතැබීමේ කුමන්ත්‍රණය සොයා ගැනීම වැදගත්. කුමන්ත්‍රණය පසුපස ගොස් මේ පිළිබඳව කරුණු හෙළිදරව් කර ගන්න කියලා පොලිසියෙන් ඉල්ලනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා,

මේක සාමාන්‍ය කාරණයක්  විදියට සලකන්න එපා. සියලු මන්ත්‍රීවරුන්ට එල්ලවූ තර්ජනයක් හැටියට දකින්න ඕන. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: