2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:11
තමාට සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සබඳතා පවතින බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදුකළ ප්‍රකාශය, සම්පූර්ණයෙන්ම ද්වේශ සහගත සහ දේශපාලනිකව මෙහෙයවූවක් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා චෝදනා කරයි.
ජගත් විතාන මන්ත්‍රීවරයාට මෙම තර්ජන එල්ල වී ඇත්තේ ඔහුගේ මහජන දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් නොව, සංවිධානාත්මක අපරාධ කල්ලි සහ විවිධ ජාවාරම්කාර පුද්ගලයින් සමග පවත්වන ලද සම්බන්ධතා මත බවට ඊයේ (26) දිනයේ පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා පැවසූවේ, තමාට එරෙහිව එවැනි චෝදනා පවතින්නේ නම්, තමාට මරණ තර්ජන ඇති බවට පොලිස්පතිවරයාගේම අත්සනින් යුතුව අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යොමු කළ නිල ලිපියේ ඒ බවක් සඳහන් නොවන්නේ මන්ද යන්නයි. එම ලිපිය තුළ එවැනි චෝදනාවක් ගැන වචනයක්වත් සඳහන් නොවීම, පොලිස්පතිවරයාගේ ප්‍රකාශයේ සත්‍යතාව පිළිබඳව සැකයක් මතු කරන බව ඔහු පැවසීය.
පොලිස්පතිවරයා පැවසූ පරිදි තමාට ලබා දී ඇත්තේ තාවකාලික ආරක්ෂාවක් පමණක් නම්, එහි සැබෑ අරුත තමාට තාවකාලික අභය දානයක් ලබා දී, වෙඩි කා මිය ගිය පසු මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ හැරීමක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමාට මෙම මරණ තර්ජන එල්ල වී ඇත්තේ, මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන, දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට අපරාධ මෙහෙයවන ශාන් අරෝෂ් ජයසිංහ නැමැත්තෙකුගෙන් බව ජගත් විතානගේ මහතා මෙහිදී හෙළිදරව් කළේය.
පසුගිය මැතිවරණයේදී එම පුද්ගලයාට නාමයෝජනා ලබා දීමට තමා විරුද්ධ වීම නිසා, එම ද්වේශය මත තමන්ව ඝාතනය කිරීමට ඔහු උත්සාහ දරමින් සිටින බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. කෙසේ වෙතත්, නාමයෝජනා ලබා දීම හෝ නොදීම වැනි තීරණ ගනු ලබන්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු නායකත්වය විසින් බවත්, තමා එවැනි තීරණ ගැනීමට තරම් ප්‍රබලයෙකු නොවන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
තමන් ජීවිතයේ බොහෝ කඩඉම් පසුකර, ජීවිතය ජයගත් පුද්ගලයෙකු බවත්, තවදුරටත් ජීවත් වීමේ දැඩි අවශ්‍යතාවක් තමාට නොමැති බවත් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, තමන් මේ මොහොතේ ඉටු කරමින් සිටින්නේ හුදෙක් සමාජ යුතුකමක් පමණක් බව සඳහන් කළේය.
තමාට සිදුවන මෙම අසාධාරණයට එරෙහිව අවශ්‍ය නම් ජනතාව පෙළගැස්වීමට තමාට හැකියාව තිබුණද, තමන් එවැනි ක්‍රියාවකට යොමු නොවන බවද ඔහු අවධාරණය කළේය.
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:43
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:38
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:33
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:09
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 1:30
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25